Ultimate magazine theme for WordPress.

කාන්තා ප්‍රිමියර් ලීගයට වෙනස්කම් දෙකක්

කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලිය දීපාවලි සමයේ දී (නොවැම්බර්) පැවැත්වීම පිළිබද මේ වන විට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

තරගාවලියේ පළමු අදියර පසුගිය මාර්තු 4 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැති අතර, තරගාවලියට එක් වූ කණ්ඩායම් සංඛ්‍යාව 5 ක්.

තරගාවලිය අවසන් වී දින පහකින් පමණ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලිය මෙවර ආරම්භ වූ අතර, එම තරගාවලි දෙක අතර පරතරය වැඩි කර ගැනීමේ අරමුණින් එරට ක්‍රිකට් ආයතනය WPL තරගාවලිය දීපාවලි සමයේ දී පැවැත්වීමට අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම ලබන අදියරේ සිට අයි.පී.එල් තරගාවලිය මෙන් සත්කාරක හා සංචාර ආකෘතිය යටතේ (home-away format) තරගාවලිය පැවැත්වීමට ද මේ වන විට අවධානය යොමු කර තිබෙනවා.

Leave a comment