Ultimate magazine theme for WordPress.

“කාටවත් ඔලුව නවන්නෙ නෑ. ලංකාවෙ ක්‍රිකට් මම හදලා දෙන්නම්” : අර්ජුන රණතුංග

බිද වැටී ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යළි යථා තත්ත්වයට පත් කිරීමටනම් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.

එවැනි කමිටුවක වගකීම භාර ගැනීමට ද තමා සූදානම් බවත්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වසර දෙකක පමණ කාලයක් තුළ දී යළි ශක්තිමත් කිරීමට තමාට හැකියාව පවතින බවත්, ඔහු කියා සිටියේ.

සිරස TV ඔස්සේ විකාශය වූ “සටන” වැඩසටහනට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කළා.

“මේ වෙලාවෙ අවශ්‍යම දේ අතුරු පාලක මණ්ඩලයක්.” යනුවෙන් අර්ජුන රණතුංග මහතා සදහන් කළා.

“මම භාර ගන්න කැමතියි. හැබෙයි මට ඕනෙ කණ්ඩායමක් එක්ක. කොන්දේසි සහිතව. දේශපාලන අත ගැසීම් එන්නෙ නැහැ කියලා මම දන්නවා. හැබෙයි මට සහයෝගය ඕනෙ.(හිටපු ක්‍රීඩකයින්ගෙන්) ඒ(අවශ්‍ය) ක්‍රමවේදය මම හදල දෙන්නම්. හැබෙයි එක දෙයක් තියෙනවා. එක එකාට ඔලුව නවන්නෙ නෑ. මගෙ ටීම් එක දැම්මොත් මම ඒක හදල දෙන්නම්. මම ඒක කරපු කෙනෙක්.. ඕක හදන්න එච්චර අමාරු නෑ.”

මෙම වැඩසටහන සදහා බන්දුල වර්ණපුර, සනත් ජයසූරිය සහ අවිශ්ක ගුණවර්ධන යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ද එක්ව සිටියා.

වත්මන් පරිපාලනයේ නිරත වන්නන්, පසුගිය වසර කිහිපයේ දී ම බිද වැටෙමින් පවතින ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම සදහා අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි මෙහිදී සියලු පාර්ශව අවධාරණය කර සිටියේ.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වන වැරැදි සකස් කර ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමේ කාර්යය වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට කළ හැකි බව ද අර්ජුන රණතුංග මහතා සදහන් කළා.

මෙම වැඩසටහන සදහා ක්‍රිකට් ආයතනනයේ නිළධාරීන්ට ද ආරාධනා කර තිබුණ ද වැඩසටහන සදහා කිසිදු නිළධාරියෙකු සහභාගී වී සිටියේ නැහැ.

Leave a comment