Ultimate magazine theme for WordPress.

ක්‍රීඩාවේ දියුණුවට මගේ පරිපාලනය කළ සේවාව මින් සනාථ වෙනවා : ශම්මි සිල්වා

තමාව නිතරගයෙන් යළිත් සභාපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සාමාජිකත්වයට ස්තූතිය පුද කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස අද අඛණ්ඩව දෙවැනි වරටත් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකයි ඒ බව සදහන් වුණේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස මාව නිතරගයෙන් තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් මම සාමාජිකත්වයට ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ඔහු සදහන් කළා.

“මෙම ජයග්‍රහණය ඔස්සේ ක්‍රීඩාවේ දියුණුව සඳහා මගේ පෙර පරිපාලනය විසින් කරන ලද විශිෂ්ට සේවාව අපගේ පාර්ශවකරුවන් තේරුම් ගෙන ඇති බව ද සනාථ කරනවා” යනුවෙන් ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

ඔහුගේ පාර්ශවයේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටි කේ. මතිවානන්, නිශාන්ත රණතුංග හා බන්දුල වර්ණපුර යන මහත්වරුන් පසුගියදා නිලවරණයෙන් ඉවත් වීමට තීරණය කර තිබීම හේතුවෙනුයි ශම්මි සිල්වා මහතා අද දිනයේ දී සභාපති ධූරයට නිතරගයෙන් පත් වුණේ.

ALSO READ : ක්‍රිකට් නිලවරණයේ දී නව නිළධාරී මණ්ඩලයම නිතරගයෙන් පත් වෙයි

නව නිළධාරී මණ්ඩලය –

සභාපති – ශම්මි සිල්වා මහතා,

උප සභාපතිවරුන් – රවීන් වික්‍රමරත්න මහතා හා ජයන්ත ධර්මදාස මහතා

ලේකම් – මොහාන් ද සිල්වා මහතා,

භාණ්ඩාගාරික – ලසන්ත වික්‍රමසිංහ මහතා,

උප ලේකම් – ක්‍රිශාන්ත කපුවත්ත මහතා,

උප භාණ්ඩාගාරික – සුජීව ගොඩලියද්ද මහතා

Leave a comment