Ultimate magazine theme for WordPress.

ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වීමත් සමග හෙට තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඔහුට හෙට(23) ඉන්දියාව සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කළේ.

හෙට තරගයේ දී කණ්ඩයමේ වෙනස්කම් දෙකක් සිදු විය හැකි බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, ළහිරු කුමාර ද ක්‍රීඩා කිරීම සදහා සුදුසු තත්ත්වයක තවමත් නොමැති බවයි දසුන් කියා සිටියේ.

Leave a comment