Ultimate magazine theme for WordPress.

ක්‍රීඩකයින් 8ක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 8 දෙනෙකු ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණවලින් අසමත් වී ඇති බව වාර්තා වනවා.

එළඹෙන කොදෙව් තරග සංචාරය සදහා සංචිතය තේරීම වෙනුවෙන් මෙම ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණ පවත්වා තිබූ බව සදහන්.

ඒ අනුව ක්‍රීඩකයින් සදහා අවසන් නිවේදනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇති බවත්, පෙබරවාරි 3 වනදා පැවැත්වෙන ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයෙන් ද ඔවුන් අසමත් වුවවොත් අදාළ ක්‍රීඩකයින් කොදෙව් සංචාරයෙන් ඉවත් කරන බවට ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බවත් “ද අයිලන්ඩ්” පුවත්පත වාර්තා කර තිබෙනවා.

කොදෙව් තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයට පෙර සිදු කර තිබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් අසමත් වූ අවිශ්ක ප්‍රනාන්දු ඊයේ දිනයේ දී දෙවැනි යෝග්‍යතා පරීක්ෂණයෙන් ද අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment