Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් සභාපති වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස අද(20) යළි තේරී පත් වූ ශම්මි සිල්වා මහතා පස්වරුවේ සිය ධූරයේ වැඩ භාර ගත්තා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී යි.

එම අවස්ථාවට අද පැවැති ක්‍රිකට් නිලවරණයෙන් තේරී පත් වූ සෙසු නිළධාරීන් ද එක්ව සිටියා.

නිලවරණයේ දී සියලු නිළධාරීන් නිතරගයෙන් තේරී පත්වීම විශේෂත්වයක්.

ඒ ප්‍රධාන ප්‍රතිවාදීන් බවට පත්ව සිටි කේ. මතිවානන්, නිශාන්ත රණතුංග හා බන්දුල වර්ණපුර යන මහත්වරුන් පසුගියදා නිලවරණයෙන් ඉවත් වීමට තීරණය කර තිබීම හේතුවෙන්.

ඒ අනුව හිටපු සභාපති ශම්මි සිල්වා මහතා අඛණ්ඩව දෙවන වරටත් යළි සභාපති ධූරයට අද දිනයේ දී තේරී පත් වුණා.

ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතා තේරී පත් වූ අතර, උප සභාපතිවරුන් ලෙස තේරී පත් වුණේ රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්. ALSO READ : ක්‍රිකට් නිලවරණයේ දී නව නිළධාරී මණ්ඩලයම නිතරගයෙන් පත් වෙයි

ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම්වරයා ලෙසයි පත් වුණේ.

භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා ද, උප භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද මහතා ද නිතරගයෙන් තේරී පත් වුණා.

2023 වසර දක්වා වසර දෙකක කාලයක් මෙම නිළධාරී මණ්ඩලයේ ධූර කාලය බලපැවැත්වෙනු ඇති.

SLC
SLC
SLC
Leave a comment