Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් විනිසුරුවන් 18 කට වාර්ෂික කොන්ත්‍රාත්තු

ක්‍රිකට් තරග විනිශ්චය කටයුතු සඳහා පූර්ණ කාලීනව කැප වී සිටින පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 18 දෙනෙකු සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ගිවිසුම්ගත විනිසුරුවන්ට පසුගිය 31 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී පත්වීම් ලිපි ප්‍රදානය සිදු කළ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවරුන් වෙනුවෙන් කොන්ත්‍රාත්තු ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.

මෙම කොන්ත්‍රාත් ලබාදීම කාණ්ඩ 3 ක් යටතේ සිදු කර තිබෙනවා.

එහිදී ජාතන්තර තලයේ පසුවන විනිසුරුවන් සිවු දෙනෙකු, නැගී එන කාණ්ඩයේ විනිසුරුවන් හය දෙනෙකු සහ පළමු පෙළ විනිසුරුවරුන් අට දෙනෙකු මේ සඳහා සුදුසුකම් සපුරා සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල ජාත්‍යන්තර කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත් ගත වූ බව සදහන්.

කීර්ති බණ්ඩාර, දීපාල් ගුණවර්ධන, අසංග ජයසූරිය, හේමන්ත බොතේජු, රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි කොන්ත්‍රාත් ගතව ඇත්තේ නැගී එන කාණ්ඩය යටතේයි.

රැන්මෝ මාටිනස්, ගාමිණී දිසානායක, ප්‍රදීප් උඩවත්ත, නිලාන් ද සිල්වා, කපිල කොට්ටහච්චි, සුසන්ත දිසානායක, විදුර ප්‍රසාද් සහ සිසිර පෙරේරා පළමු පෙළ කාණ්ඩය යටතේ කොන්ත්‍රාත් ගතව තිබෙනවා.

(මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට් / SLC)

Leave a comment