Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත් කරන්නැයි ක්‍රීඩා ඇමතිට නීතිපති උපදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සදහා නව කළමණාකරණ කමිටුවක් පත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රිඩා අමාත්‍යංශය වෙත නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.

ඒ, වත්මන් ක්‍රිකට් ආයතන බළධාරීන්ගේ පරිපාලන කාලය මේ වන විට අවසන්ව ඇති බැවින්.

2019 වසරේ පෙබරවාරි 21 වනදා පැවැති ක්‍රිකට් නිළවරණයේ දී වත්මන් නිළධාරී මණ්ඩලය තේරී පත්වුණේ වසර දෙකක කාලයක් සදහායි.

ඒ අනුව ඔවුන්ගේ ධූර කාලයන් පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන්ව තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු මෙන්න කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වන නිශාන්ත රණතුංග මහතා පසුගිය දෙවනදා ක්‍රීඩා අමාත්‍යරවයා වෙත යොමු කළ ලිපියකින් ඉල්ලා තිබුණේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නිළවරණය තෙක් පරිපාලන කටයුතු සිදු කිරීම වෙනුවෙන් ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව මැයි 20 වනදා පැවැත්වීමට නියමිත නිළවරණය තෙක් ක්‍රිකට් ආයතනයේ කටයුතු පවත්වා ගෙන යාම සදහා නව කළමණාකරණ කමිටුවක් පත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ ලබා දී තිබෙනවා.

Leave a comment