Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් පුහුණුවීම් තවත් කල් යාමේ අවදානමක්

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු ලබන පළමු වැනිදා සිට ආරම්භ කළ හැකි දැයි තීරණය කරනු ලබන්නේ ලැබෙන සෞඛ්‍ය උපදෙස් අනුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු පසුගිය 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද පසුව එය  කල් දැමීමට සිදු වුණා.

ඒ, පැවැති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා අමාත්‍යංශය විසින් ජූනි මස පළමු වැනිදා සිට පුහුණුවීම් කටයුතු ආරම්භ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කළ දැනුම් දීමක් හේතුවෙන්.

පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට පෙර ක්‍රිකට් ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට ද ලක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළා.

ලැබෙන සෞඛ්‍ය උපදෙස් සලකා බලා පුහුණුවීම් ආරම්භ කළ හැකි දිනය සම්බන්ධයෙන් තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment