Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් නිළවරණයෙන් තිදෙනෙකු ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට නාම යෝජනා භාර දී සිටි තිදෙනෙකු නිළවරණයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

නිශාන්ත රණතුංග, කේ. මතිවානන් සහ බන්දුල වර්ණපුර යන මහත්වරුන් මෙලෙස ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය අනිද්දා (20) පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එය අතථ්‍ය නිළවරණයක් ලෙස (වීඩියෝ තාක්ෂණය ඔස්සේ (zoom) ) (virtual platform) පැවැත්වෙනු ඇති.

Leave a comment