Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් නිළවරණයත් zoom තාක්ෂණයෙන්

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සැලසුම් කළ පරිදි මැයි 20 වනදා පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එය අතථ්‍ය නිළවරණයක් ලෙස (වීඩියෝ තාක්ෂණය ඔස්සේ (zoom) ) (virtual platform) පැවැත්වීමට තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

නිළවරණයට සම්බන්ධ 90% ක් පමණ පාර්ශවකරුවන් ඒ සදහා කැමැත්ත පළ කර ඇති බව සදහන්.

පවතින කොවිඩ් 19 අර්බුදය නිසා මේ වන විට පළාත් අතර සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගැටලුවකින් තොරව නිළවරණය පැවැත්වීම සදහා මෙලෙස අතථ්‍ය නිළවරණයක් ලෙස එය පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත්, විගණනය කළ ගිණුම් ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මීට පෙර ඩේලි නිව්ස් වෙත සදහන් කර තිබුණේ.

“මේ දක්වා එය මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිතය තියෙනවා. නමුත් අපිට විගණනය කළ ගිණුම් ලබා ගත යුතුයි. මේ වන විට අපිට තියෙන එකම ගැටලුව එයයි” යනුවෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළා.

“නීතිපති දෙපාර්තමේන්තුව විසිනුයි එය ඉදිරිපත් කළ යුතු වන්නේ. කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වහලා තියෙන්නේ. විගණනය කළ ගිණුම් නියමිත වේලාවට නොලැබුණොත් අපිට නිළවරණය පවත්වන්න බැහැ. අපී නීතිපති දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධ වෙමින් ඉන්නේ. අපි උත්සාහ කරනවා යමක් කරන්න මේ සම්බන්ධයෙන්”

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය සදහා ලියාපදිංචි ඡන්ද 144ක් පවතිනවා.

ඒ ඔස්සේ සභාපතිවරයෙකු, උප සභාපතිවරුන් දෙදෙනෙකු, ලේකම්වරයෙකු, උප ලේකම්වරුයෙකු, භාණ්ඩාගාරිකවරයෙකු සහ උප භාණ්ඩාගාරිකවරයෙකු පත් කර ගැනීමට නියමිතයි.

Leave a comment