Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් කමිටුවට මුරලි ඇතුළු 6ක් නම් කෙරෙන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා පත් කිරීමට නියමිත නව ක්‍රිකට් කමිටුවට හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද නම් කරනු ඇති බව වාර්තා වනවා.

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන මහත්වරුන් ද ඊට ඇතුළත් බව සදහන්.

එමෙන්ම ක්‍රිකට් කමිටුව සදහා රංජිත් ප්‍රනාන්දු, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ද නම් කර ඇති බවයි වාර්තා වුණේ.

ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම ඇතුළු වගකීම් රැසක් මෙම කමිටුව වෙත පැවරෙනු ඇති.

ක්‍රිකට් කමිටුවට ඇතුළත් සාමාජිකයින් මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

Leave a comment