Ultimate magazine theme for WordPress.

ක්‍රීඩකයින් 34 දෙනෙකුගෙන් යුත් ප්‍රබල සංචිත 4ක් ශ්‍රී ලංකා සංචාරයට ඔස්ට්‍රේලියාව නම් කරයි

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා සියලු තරග රටා වෙනුවෙන් ප්‍රබල සංචිත නම් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු A කණ්ඩායම ද මෙම තරග සංචාරයට සමගාමීව දිවයිනට පැමිණෙන අතර, සියලු සංචිත සදහා නම් කර ඇති සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 34ක්.

මර්කස් හැරිස්ට ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයේ ඉඩක් වෙන්ව නොමැති නමුත්, ඔහු A සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ප්‍රබල ක්‍රීඩකයින් වන ඩේවිඩ් වෝනර්, ජොෂ් හේසල්වුඩ්, මිචෙල් ස්ටක්, ස්ටීව් ස්මිත්, මැතිව් වේඩ් හා ග්ලේන් මැක්ස්වෙල් යන ක්‍රීඩකයින් යළි සීමිත පන්දුවාර තරග සදහා නම් කිරීමට ද එරට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

නිමා වූ පාකිස්තාන තරග සංචාරයේ සීමිත පන්දුවාර තරග සදහා ඔවුන් ඇතුළත් වූයේ නැහැ.

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන 20යි 20 තරගාවලිය සදහා ටෙස්ට් නායක පැට් කමින්ස් නම් නොකිරීමට ද පියවර ගෙන තිබෙනවා.

පාකිස්තාන තරග සංචාරයේ දී ඉහළ දක්ෂතා දැක් වූ බෙන් මැක්ඩර්මට් ශ්‍රී ලංකා සංචාරය සදහා නම් කර නොමැති අතර, ඔහු ඒ වෙනුවට බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන සිව්දින ප්‍රාන්ත තරගාවලියේ දී හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

ග්ලැමෝගන්(Glamorgan) ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන මයිකල් නෙසර් ද ශ්‍රී ලංකා සංචාරයට නම් කර නැහැ.

වේග පන්දු යවන ක්‍රීඩක ජයි රිචර්ඩ්සන් නම් කර ඇත්තේ 20යි 20 තරගාවලිය සදහා පමණයි.

ජොෂ් ඉන්ග්ලිස් ශ්‍රී ලංකා සංචාරයට නම් කළ සංචිත 4 සදහාම නම් කර තිබීම විශේෂත්වයක්.

පාකිස්තාන සංචාරයට එක් වූ ජේස්න් බෙහ්රන්ඩොෆ්, නේදන් ඇලස් හා Ben Dwarshuis යන ක්‍රීඩකයින් සීමිත පන්දුවාර සංචිතවලින් ඉවත් කර තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් පාකිස්තාන සංචාරය අහිමි වූ කේන් රිචර්ඩ්සන් ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජූනි හා ජූලි මාසවලදී සති 7ක් පුරා සිදු කරන මෙම තරග සංචාරයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව 20යි 20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරග සංචාරයට අයත් සීමිත පන්දුවාර තරගාවලි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී හා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රීඩාංගනයේ දී යි.

20යි 20 තරගාවලිය ජූනි 7 වැනිදා ද, එක්දින තරගාවලිය ජූනි 14 වැනිදා ද, ටෙස්ට් තරගාවලිය ජූනි 29 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු “A” කණ්ඩායම මෙම සංචාරයේ දී එක්දින තරග දෙකක් හා සිව්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, එම තරග කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Australia T20 squad:

Aaron Finch (c), Sean Abbott, Ashton Agar, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, Matthew Wade, David Warner

Australia ODI squad:

Aaron Finch (c), Ashton Agar, Alex Carey, Pat Cummins, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, David Warner

Australia Test squad:

Pat Cummins (c), Ashton Agar, Scott Boland, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Steve Smith (vc), Mitchell Starc, Mitchell Swepson, David Warner

Australia A squad:

Sean Abbott, Scott Boland, Peter Handscomb, Aaron Hardie, Marcus Harris, Travis Head, Henry Hunt, Josh Inglis, Matthew Kuhnemann, Nic Maddinson, Todd Murphy, Josh Philippe, Matt Renshaw, Jhye Richardson, Tanveer Sangha, Mark Steketee

SLC

Australia A fixtures :

June 8: 1st one-day game, Colombo

June 10: 2nd one-day game, Colombo

June 14-17: 1st four-day game, Hambantota

June 21-24: 2nd four-day game, Hambantota

Leave a comment