Ultimate magazine theme for WordPress.

ක්‍රිස් ගේල්ගේ ප්‍රහාරය ඉන්දියාව පරදා ලෝක කණ්ඩායමට කඩුලු 3 ක ජයක් ගෙනෙයි

Match Report

Legends League Cricket Masters (LLC Masters) තරගාවලියේ 5 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට World Giants කණ්ඩායම සමත් වුණා.

කටාර්හි දෝහා නුවර පැවැති තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු 3 කින් පරාජයට පත් වූයේ India Maharajas කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් India Maharajas කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 139 ක් රැස් කළ අතර, ලකුණු 140 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Giants කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Maharajas ඉනිම වෙනුවෙන් සුරේෂ් රයිනා ලකුණු 49 ක් හා මන්වින්දර් බිස්ලා ලකුණු 36 ක් ලබා ගත්තා. ඉර්ෆාන් පතාන් ලකුණු 25යි.

පන්දු යැවීමේ දී බ්‍රෙට් ලී ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ටීනෝ බෙස්ට් හා Chris Mpofu කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිමේ දී Giants කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ක්‍රිස් ගේල්. ඔහු පන්දු 46 කින් ලකුණු 57 ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්. ශේන් වොට්සන් ලකුණු 26 යි.

පන්දු යැවීමේ දී යුසුෆ් පතාන් කඩුලු 2 ක් බිද හෙලුවා. හර්බජාන් සිං, අශෝක් ඩින්ඩා, ප්‍රවීන් තම්බේ හා සුරේෂ් රයිනා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Leave a comment