Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් සභාපති වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා සහ සෙසු නිළධාරීන් අද(22) සිය ධුරවල වැඩ භාරගනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ අද දහවල් කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී ඔවුන් සිය ධූරයන්හි වැඩ භාර ගත් බවයි.

2023-2025 කාලය සදහා නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් පසුගිය 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වුණේ  ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අතරතුරයි.

එහිදී ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස යළිත් මොහාන් ද සිල්වා මහතා ද, උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න හා ජයන්ත ධර්මදාස යන මහත්වරුන් ද, උප ලේකම්වරයා ලෙස ක්‍රිෂාන්ත කපුවත්ත මහතා ද, භාණාඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද මහතා ද තේරී පත් වුණා.

Leave a comment