Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන දෙකක් ඉල්ලයි

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා විසින් රූපවාහිනී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා එහි නිළධාරීන්ගේ කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන දෙකක වන්දි මුදලක් ඉල්ලා ලිපි යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

අද කැදවූ විශේෂ රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අදාළ රූපවාහිනී වැඩසටහනේ දී අර්ජුන රණතුංග මහතා විසින් ක්‍රිකට් ආයතනයේ කීර්තිනාමයට හානි වන අයුරින් අසත්‍ය, අවමන් සහගත හා විකෘති ප්‍රකාශ සිදු කර ඇති බවත්, ඒ පිළිබද අද පැවැති රැස්වීමේ දී දීර්ඝ ලෙස ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිළධාරීන් සාකච්ඡා කළ බවත්, ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

ක්‍රිකට් ආයතනයට මෙන්ම ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට ද එරෙහිව ද්වේෂ සහගත අරමුණින් අසත්‍ය සහ අපහාසාත්මක චෝදනා එල්ල කරමින් ප්‍රකාශ නිකුත් කර ඇති බැවින් අර්ජුන රණතුංග මහතාගෙන් මෙලෙස රුපියල් බිලියන දෙකක වන්දි මුදලක් ඉල්ලීමට තීරණය කළ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Leave a comment