Ultimate magazine theme for WordPress.

කමිල්ගේ ශතකය සහ චාමිකගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එක්දින ශූරතාවය NCC කණ්ඩායමට

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට එන්.සී.සී කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් රාගම ක්‍රිකට් සමාජය ලකුණු 145කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 286ක් ලබා ගත්තා.

කමිල් මිෂාර ලකුණු 113ක් රැස් කලේ හතරේ පහර 9ක් සමගින්.

කවීන් බණ්ඩාර ලකුණු 65ක් සහ නායක ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 61ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉෂාන් ජයරත්න සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාගම කණ්ඩායමට පන්දුවාර 30.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.

ජනිත් ලියනගේ ලකුණු 42ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න කඩුලු 4ක් සහ ළහිරු කුමාර කඩුලු 3ක් දවා ගත්තා.

Leave a comment