Ultimate magazine theme for WordPress.

U19 CWC Update : ඔස්ට්‍රේලියාවේ සියලු පිතිකරුවන් ලකුණු 175කට දැවී යයි (වීඩියෝ)

යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත කිට්ස් හී දී පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 නිමා කළේ සියලු දෙනා දැවි ලකුණු 175ක් පමණක් ලබා ගනිමින්.

Campbell Kellaway ලකුණු 54ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 28කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

ට්‍රෙවීන් මැතිව් හා මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවා ගත් අතර, සධීෂ රාජපක්ෂ එක් කඩුල්ලක් බිද හෙලුවා.

කඩුලු දැවී ගිය අයුරු –

Leave a comment