Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු සංචිතය 29ක් දක්වා ඉහළට

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ තරග සංචාර වෙනුවෙන් වන ඔස්ට්‍රේලියානු මූලික සංචිතයට තවත් ක්‍රීඩකයින් 6 දෙනෙකු අද(8) ඇතුළත් කෙරුණා.

බෙන් මැක්ඩර්මොට්, ඩෑන් ක්‍රිස්ටියන්, කැමරන් ග්‍රීන්, ඇෂ්ටන් ටර්නර්, වෙස් ඒගාර්, නේතන් ඇලස් (Nathan Ellis) යන ක්‍රීඩකයින් මෙලෙස සංචිතයට නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව අදාළ සංචාර සදහා වන ඔස්ට්‍රේලියානු මූලික සංචිතයට මේ වන විට ක්‍රීඩකයින් 29 දෙනෙකු ඇතුළත්.

ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටීමේ දුෂ්කරතා සහ පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමේ අරමුණින් ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම සංචාරයට එක් නොවීමට තීරණය කිරීම හේතුවෙන් මෙලෙස ක්‍රීඩකයින් 6 දෙනෙකු මූලික සංචිතයට කැදවා ඇති බව සදහන්.

ඩේවිඩ් වෝනර් සහ පැට් කමින්ස් ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු එලෙස මෙම සංචාරයෙන් ඉවත් වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

අමතර ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කෙරුණ ද එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට එක්ව සිටින මර්නස් ලබුෂේන් මෙම සංචිතයට නම් කිරීමට පියවර ගෙන නැහැ.

මෙම ක්‍රීඩකයින් 29 දෙනාගෙන් යුත් මූලික සංචිතයෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉවත් කර ඉදිරියේ දී අවසන් සංචිතය ප්‍රකාශයට පත් කරනු ඇති.

ජූනි මස අගදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කොදෙව් දේශය බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදී දෙරට අතර 20යි 20 තරග 5ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Australia’s preliminary squad :
Aaron Finch, David Warner, D’Arcy Short, Steven Smith, Josh Philippe, Ben McDermott, Alex Carey, Matthew Wade, Glenn Maxwell, Ashton Turner, Marcus Stoinis, Cameron Green, Moises Henriques, Mitchell Marsh, Dan Christian, Ashton Agar, Adam Zampa, Mitchell Swepson, Tanveer Sangha, Pat Cummins, Mitchell Starc, Jason Behrendorff, Josh Hazlewood, Riley Meredith, Jhye Richardson, Kane Richardson, Andrew Tye, Wes Agar, Nathan Ellis

Leave a comment