Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු පිලේ එංගලන්ත තරග සංචාරය තහවුරු වෙයි

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සැප්තැම්බර් මාසයේ දී සිදු වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

තරග සංචාරයට 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත්.

ජූලි මාසයේ දී තරග සංචාරය සිදු කිරීමට නියමිතව තිබුණ ද කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.

20යි 20 තරග සවුත්හැම්ටන් හී දී ලබන 4, 6 සහ 8 පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලියේ සියලු තරග මැන්චෙස්ටර් හී දී පැවැත්වෙන්නේ ලබන මස 11, 13 සහ 16 යන දිනවලදී.

Leave a comment