Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු නව ටෙස්ට් නායකයා පත් කෙරේ

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් පත් කර තිබෙනවා.

ඒ, ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ටිම් පේන් නායකත්වයෙන් පසුගියදා ඉල්ලා අස් වීමට ගත් තීරණය හේතුවෙන්.

කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ හිටපු නායක ස්ටීවන් ස්මිත්.

පැට් කමින්ස් එරට නායකත්වයට ස්ථීර ලෙස පත් වූ පළමු වේග පන්දු යවන්නා ලෙසයි ඉතිහාසගත වන්නේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ 47 වන ටෙස්ට් නායකයා වන පැට් කමින්ස්ගේ පළමු අභියෝගය බවට ලබන 8 වැනිදා ආරම්භ වන අලුබදුන තරගාවලිය පත් වනු ඇති.

Leave a comment