Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු ප්‍රබලයින් 5 දෙනෙකුට විවේකයක්

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ්, පැට් කමින්ස්, ග්ලේන් මැක්ස්වෙල් හා ඇඩම් සම්පා විවේක ගැන්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

පර්ත් හී දී ඔක්තෝබර් 9 වැනිදා පැවැත්වීමට නියමිත එම තරගයෙන් ඔවුන් විවේක ගන්වා ඇතත්, අවසන් 20යි 20 තරග දෙක සදහා ඔවුන්ව නම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ආබාධවලට ලක්ව සිටි මර්කස් ස්ටොයිනිස්, කේන් රිචර්ඩ්සන් හා ඇෂ්ටන් ඒගාර් යන ක්‍රීඩකයින් මෙම තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත් වන බව නිල වශයෙන් මේ වන විට තහවුරු කර තිබෙනවා.

කැමරන් ග්‍රීන් ද සංචිතයේ ස්ථානය තහවුරු කර ගෙන ඇති අතර, මිචෙල් ස්වෙප්සන් හා නේදන් ඇලස් පළමු 20යි 20 තරගය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩකයින් සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් තබා ගැනීමේ අපේක්ෂාවෙන් එරට තේරීම් කමිටුව මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

Australia squad for 1st T20I:

Aaron Finch, David Warner, Cameron Green, Mitchell Marsh, Steve Smith, Marcus Stoinis, Tim David, Josh Inglis, Daniel Sams, Sean Abbott, Ashton Agar, Mitchell Swepson, Nathan Ellis, Kane Richardson.

Australia squad for the remaining two T20Is :

Aaron Finch, David Warner, Cameron Green, Mitchell Marsh, Steve Smith, Glenn Maxwell, Marcus Stoinis, Tim David, Josh Inglis, Daniel Sams, Sean Abbott, Ashton Agar, Mitchell Starc, Pat Cummins, Josh Hazlewood, Adam Zampa, Kane Richardson.

Show Comments (1)