Ultimate magazine theme for WordPress.

ඔලිවියර්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩුවාන් ඔලිවියර්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ උකුල ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති පුහුණු තරගය අතරතුර දී යි ඔහු මෙම ආබාධයට ලක්ව ඇත්තේ.

ඩුවාන් ඔලිවියර් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට නම් කිරීමට දකුණු අප්‍රිකා තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.

ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 17 වැනිදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment