Ultimate magazine theme for WordPress.

ඒගාර්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි ; ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ

ආබාධයකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුට මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලැබීමට නොහැකි වී ඇති බැවින්.

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය අතරතුර දී යි ඒගාර් මෙලෙස ආබාධයකට ගොදුරු වුණේ.

ඒ අනුව ඇෂ්ටන් ඒගාර් වෙනුවට ජෝන් හෝලන්ඩ් සංචිතයට ආදේශ කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

හෝල්න්ඩ් ද මේ වන විට ආබාධයකට ලක්ව සිටින පසුබිමකයි ඔහුව සංචිතයට නම් කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment