Ultimate magazine theme for WordPress.

“ඒක විවේකාගාරයේ වෙන්න තිබුණ දෙයක්” : මිකී සමග වචන හුවමාරුව ගැන දසුන් කතා කරයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් හා නායක දසුන් ශානක අතර ක්‍රීඩාංගනයේ දී ඇති වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් දසුන් ශානක අද අදහස් පල කළා.

ඒ, හෙට පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද(22) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්.

පුහුණුකරු හා තමා අතර සිදු වූ එම සංවාදය ක්‍රීඩක විවේකාගාරයේ දී සිදු විය යුත්තක් බවයි දසුන් ශානක ද මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කළේ.

“මම හිතන්නේ ඒක Dressing room එකේ වෙන්න ඕනෙ දෙයක් තමයි ක්‍රීඩා පිටියේදි වුණේ.” යනුවෙන් දසුන් සදහන් කළා.

“කෝච්ට දැනගන්න ඕනෙ වුණේ අපි ප්ලෑන් කරපු දේවල්වලින් පිට ගියාද කියල. මම කීව ප්ලෑන් කරපු දෙයින් පිට ගියේ නැහැ කියලා. ඒ සාකච්ඡාව විතරයි පැවැත්වුණේ. උණුසුම් කතාබහක් වුණේ නැහැ. මම පැහැදිලි කරල දුන්නා විතරයි මේ දේ තමයි එතන වුණේ කියන එක” 

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ALSO READ : ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වීමත් සමග හෙට තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

Leave a comment