Ultimate magazine theme for WordPress.

SSC ක්‍රිකට් කමිටු සභාපතිධූරය මහේලට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කොළඹ එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ, එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී යි.

ඒ අනුව ඔහු එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් සම්බන්ධ තීරණ ගැනීමේ දී එහි ප්‍රධානියා ලෙස ඉදිරියේ දී කටයුතු කරනු ඇති.

මහේල ජයවර්ධන මේ වන විට අයි.සී.සී ක්‍රිකට් කමිටුවේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.

Leave a comment