Ultimate magazine theme for WordPress.

එක්දින තරගාවලිය අභියස නවසීලන්තයට දැවැන්ත පාඩුවක්

ආබාධයකට ලක්වීම හේතුවෙන් නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

පුහුණුවීම් අතරතුර දී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආබාධය සුව නොවීම හේතුවෙන් ඔහු වෙනුවට Ben Sears නවසීලන්ත සංචිතයට නම් කර තිබෙනවා.

Sears අද දි‍නයේ දී ජැමයිකාවට ළගා වන බවත්, හෙට දිනයේ දී සංචිතයේ සෙසු සාමාජිකයින් සමග බාර්බඩෝස් වෙත පිටත්ව යාමට නියමිතව ඇති බවත් එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Ben Sears මෙතෙක් නවසීලන්තය වෙනුවෙන් එක්දින වරම් දිනා ගෙන නොමැති අතර, 20යි 20 ජාත්‍යන්තර තරග 6ක් පමණක් ක්‍රීඩා කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගය මෙරට වේලාවෙන් අද(14) මධ්‍යම රාත්‍රියේ දී ආරම්භ වන අතර, තරග 3කින් යුත් එක්දින තරගාවලිය එළ‍ඹෙන 17 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

New Zealand squad :

Kane Williamson (c), Finn Allen, Trent Boult, Michael Bracewell, Devon Conway, Lockie Ferguson, Martin Guptill, Tom Latham, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Ben Sears, Mitchell Santner, Ish Sodhi, Tim Southee

Leave a comment