Ultimate magazine theme for WordPress.

එක්දින තරගාවලියට පෙර තවත් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ද ආබාධයකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට එංගලන්තයට එරෙහිව අද පැවැත්වෙන පළමු එක්දින තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ද දෙවැනි 20යි 20 තරගයේ දී ආබාධයකට ලක්වීම නිසා ඔහුට ද එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව සදහන්.

ජෛව ආරක්ෂිත බුබුලට අදාළ නීති රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ද මේ වන විට මෙරටට කැදවා තිබෙනවා.

ඒ අනුව එංගලන්ත සංචාරයට එක් වූ ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් සංචිතය අතරින් අද තරගය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට බොහෝ විට සිදු වන්නේ ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන්.

නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට අද තරගයේ දී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ චරිත් අසලංක ද අද දිනයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහුගේ 24 වන උපන් දිනය ද අදට යෙදී තිබෙනවා.

Leave a comment