Ultimate magazine theme for WordPress.

එංගලන්ත 20යි 20 සංචිතය නම් කෙරේ

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(18) ප්‍රකාශයට පත් කෙරුණා.

ඉයන් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

ආබාධවලට ලක්ව සිටි ඩේවිඩ් මලාන් සහ ක්‍රිස් ජෝර්ඩන් ද මෙම සංචිතයට නම් කර ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ක්‍රිස් ජෝර්ඩන් පසුගිය ජූලි මාසයේ දී ශල්‍යකර්මයකට ද මුහුණ දුන්නා.

ටෙස්ට් සංචිතයට අයත් කිසිදු ක්‍රීඩකයෙකු 20යි 20 සංචිතයට නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය එළඹෙන 28 වනදා මැන්චෙස්ටර් හී දී පැවැත්වීමට නියමිතයි.

England T20 squad :
Eoin Morgan (capt), Moeen Ali, Jonny Bairstow (wk), Tom Banton, Sam Billings (wk), Tom Curran, Joe Denly, Lewis Gregory, Chris Jordan, Saqib Mahmood, Dawid Malan, Adil Rashid, Jason Roy, David Willey.

Reserves:

Pat Brown, Liam Livingstone, Reece Topley.

Leave a comment