Ultimate magazine theme for WordPress.

එංගලන්ත සුපිරි වේග පන්දු යවන්නිය ජාත්‍යන්තර පිටියට සමු දෙයි

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකා Katherine Sciver-Brunt ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

37 හැවිරිදි ඇය සිය 19 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙන විට එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 14 ක්, එක්දින තරග 141 ක් හා 20යි 20 තරග 112 ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර තරග 267 කදී ඇය බිද හෙලා ඇති කඩුලු ගණන 335 ක්.

එක්දින කඩුලු 170 ක් හා 20යි 20 කඩුලු 114 ක් දවා ගෙන ඇති ඇය එංගලන්තය වෙනුවෙන් වැඩිම එක්දින හා 20යි 20 කඩුලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩිකාව ද වනවා.

Leave a comment