Ultimate magazine theme for WordPress.

එංගලන්ත පළමු ඉනිම ලකුණු 112කට සීමා වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස අද(24) අහ්මදාබාද්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 112ක් පමණයි.

ඉනිමේ පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු දෙකකට සීමා කරමින් ඩොම් සිබ්ලි ලකුණු බින්දුවකට දවා ගැනීමට තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඉෂාන්ට් ෂර්මා සමත් වුණා.

පළමු ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා නොකළ සැක් ක්‍රව්ලි මෙම තරගයට කැදවා තිබූ අතර, ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 53ක් රැස් කළා.

මෙම තරගය සදහා කැදවූ ජොනී බෙයාර්ස්ටොව් ලකුණු නොලබා දැවී ගියා.

නායක ජෝ රූට් ලකුණු 17ක් ලබා ගත් අතර, බෙන් ෆෝක්ස් ලකුණු 12ක් ලබා ගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අක්සාර් පටෙල් කඩුලු 6ක් බිද හෙලූ අතර, රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් දවා ගත්තා.

Leave a comment