Ultimate magazine theme for WordPress.

එංගලන්ත තරග සංචාරයට කොදෙව් ක්‍රිකට් ආයතනයේ අනුමැතිය

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය වශයෙන් සිය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ, කොදෙව් ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැවැති රැස්වීමකින් අනතුරුවයි.

ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වෛද්‍ය අංශ සහ ක්‍රිකට් නියෝජිතයින් සමග මෙන්ම එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග පැවැති දීර්ඝ සාකච්ඡාවලින් පසුව මෙම අනුමැතිය ලබා දී ඇති බව සදහන්.

කෙසේ වෙතත්, කැරිබියානු ජාතික ආණ්ඩුවල අනුමැතිය ද තරගාවලියේ ඉදිරි කටයුතු සැලසුම් කිරීම සදහා අවශ්‍ය වනු ඇති.

සංචාරක පහසුකම් සලසා ගැනීම සදහා මෙන්ම සංචාරයට එක්වන සියලු දෙනා සදහා වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් එම ආණ්ඩුවල අනුමැතිය අවශ්‍ය වනවා.

මෙම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එය ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියට එක් වන කොදෙව් කණ්ඩායම ජූනි 9 වනදා පමණ වන විට එංගලන්තයට ළගා වීමට නියමිතයි.

 

Leave a comment