Ultimate magazine theme for WordPress.

එංගලන්ත ක්‍රීඩකයින් අද කලු පටි පලදියි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් අද(2) කලු පටි පැලද තරග බිමට පිවිස තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය අරමුණු කර ගනිමින් එංගලන්ත සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දෙවැනි දිනයේ දී යි ඔවුන් මෙලෙස කලු පටි පැලද ක්‍රීඩා කරනු ලබන්නේ.

ඒ, කොදෙව් හිටපු සුපිරි පිතිකරුවෙකු වූ ශ්‍රීමත් එවර්ටන් වීක්ස්ගේ අභාවයට ශෝකය පල කිරීමක් වශයෙන්.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේ නායකත්වය දරනු ලබන්නේ බෙන් ස්ටොක්ස් සහ ජොස් බට්ලර් විසිනුයි.

තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වෙනවා.

Leave a comment