Ultimate magazine theme for WordPress.

එංගලන්තය ලකුණු 170ක් ඉදිරියෙන් – Day 4 Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සවුත්හැම්ටන්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(11) නිමා වුණා.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 284ක් ලබා සිටියා.

Zak Crawley ලකුණු 76ක් සහ ඩොම් සිබ්ලි ලකුණු 50ක් රැස් කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 46යි.

පන්දු යැවීමේ දී ෂැනොන් ගේබ්‍රියල් කඩුලු 3ක් බිද හෙලූ අතර, රොස්ටන් චේස් සහ අල්සාරි ජෝසප් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 204ක් පමණයි.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 43යි.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් කඩුලු 6ක් සහ ෂැනොන් ගේබ්‍රියල් කඩුලු 4ක් බිද හෙලුවා.

අනතුරුව කොදෙව්වන් සිය පළමු ඉනිමට ලකුණු 318ක් රැස් කළා.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 65ක් සහ ශේන් ඩවුරිච් ලකුණු 61ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී නායක බෙන් ස්ටොක්ස් කඩුලු 4ක් සහ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්තය මේ වන විට සිය දෙවන ඉනිමේ දී ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 170ක්.

Leave a comment