Ultimate magazine theme for WordPress.

එංගලන්තයට යන 29 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය නම් කෙරේ

එංගලන්ත තරග සංචාරය සදහා වන ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පාකිස්තානය විසින් නම් කර තිබෙනවා.

2020 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ පිතිකරුවෙකු වූ Haider Ali පළමු වරට ජාතික සංචිතයට කැදවා ඇති අතර, 36 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Sohail Khan ද යළි ජාතික සංචිතයට කැදවා ඇති බව සදහන්.

ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ 2017 වසරේ දී යි.

පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සදහා ටෙස්ට් තරග 3ක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත්.

අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී තරගාවලි පැවැත්වීමට නියමිතයි.

සියලු තරග ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වෙනු ඇති.

පවතින සියලු තත්ත්වයන් සලකා බලා පාකිස්තාන කණ්ඩායම තරග ආරම්භයට සති පහකට පමණ පෙර, එනම් මෙම මස අගදී එංගලන්තය බලා පිටත්ව යාමට සැලසුම් කර තිබෙනවා.

එහිදී ඔවුන් දින 14ක නීරෝධායන ක්‍රියාවලියකට ද යොමු විය යුතුයි.

ඊයේ දිනයේ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ තරග සංචාරය සදහා වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සහ පිතිකරු හැරිස් සොහයිල් එක් නොවන බවයි.

ඔවුන් පෞද්ගලික හේතූන් මත තරග සංචාරයෙන් ඉවත් වීමට තීරණය කළ බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පාකිස්තාන සංචිතය –

  • Openers (4) – Abid Ali, Fakhar Zaman, Imam-ul-Haq, Shan Masood
  • Middle-order batsmen (9) – Azhar Ali (Test captain), Babar Azam (Test vice-captain and T20I captain), Asad Shafiq, Fawad Alam, Haider Ali, Iftikhar Ahmad, Khushdil Shah, Mohammad Hafeez, Shoaib Malik
  • Wicketkeepers (2) – Mohammad Rizwan, Sarfaraz Ahmed
  • Fast bowlers (10) – Faheem Ashraf, Haris Rauf, Imran Khan, Mohammad Abbas, Mohammad Hasnain, Naseem Shah, Shaheen Shah Afridi, Sohail Khan, Usman Shinwari, Wahab Riaz
  • Spinners (4) – Imad Wasim, Kashif Bhatti, Shadab Khan, Yasir Shah
Leave a comment