Ultimate magazine theme for WordPress.

එංගලන්තයට කෝටි 446ක පාඩුවක්

පසුගිය මූල්‍ය වර්ෂයේ දී තම ආයතනයට පවුම් මිලියන 16.1ක (රුපියල් කෝටි 446ක පමණ) මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, පවතින කොවිඩ් 19 හෙවෙත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

පවුම් මිලියන 6.5ක ලාභයක් 2019 වසරේ දී එරට ක්‍රිකට් ආයතනය ලබා තිබූ පසුබිමකයි මෙම පාඩුව සිදුව ඇත්තේ.

ක්‍රිකට් ආයතනයේ ආදායම පවුම් මිලියන 207 දක්වා පවුම් මිලියන 21කින් පහත වැටී ඇති බව සදහන්.

“ද හන්ඩ්‍රඩ්” හෙවත් ඉනිමකට පන්දු සියයක් බැගින් වන නව තරගාවලියේ ආරම්භය කල් දැමීමට සිදු වීම මෙන්ම ජෛව ආරක්ෂිත බුබුලු තුළ ක්‍රිකට් තරග සංවිධාන කිරීමට සිදු වීම ආදායම පහත වැටීමට හේතු වූ කරුණු අතරට ඇතුළත්.

සැලසුම් කළ ආයෝජන නතර කිරීම මෙන්ම සේවා කාර්යය මණ්ඩලය අවම කිරීමට ද එංගලන්ත ක්‍රිකට් ආයතනය මීට පෙර තීරණය කළේ සිය වියදම අවම කර ගැනීමේ අරමුණින්.

Leave a comment