Ultimate magazine theme for WordPress.

එංගලන්තයට එරෙහි අවසන් තරගයට බෝල්ට් ක්‍රීඩා කරන ලකුණු

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, බ්‍රිතාන්‍ය රජය විසින් නිරෝධායන නීති ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන්.

මෙවර අයි.පී.එල් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට පියවර ගැනීමෙන් පසුව ඔහු යළි නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, අනතුරුව පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමෙන් අනතුරුවයි එංගලන්තය වෙත පැමිණියේ.

එංගලන්තයට පැමිණීමත් සමග ඔහු ගත කළ යුතු නිරෝධායන කාලසීමාව නව නීති රීති අනුව දින 4කින් පමණ අවම වී ඇති බව සදහන්.

ඒ අනුව ඔහුට දෙවැනි ටෙස්ට් තරගය සදහා බොහෝ විට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

පැවැති නිරෝධායන නීති හේතුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් ජූනි 18 වනදා ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සදහා පමණක් ක්‍රීඩා කිරීමටයි මීට පෙර අපේක්ෂාවෙන් පසු වුණේ.

Leave a comment