Ultimate magazine theme for WordPress.

එංගලන්තයට එරෙහි අයර්ලන්ත සංචිතය නම් කෙරේ

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන පුහුණු සංචිතයක්  අයර්ලන්තය විසින් නම් කර තිබෙනවා.

Andrew Balbirnie ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත්.

ආබාධයකට ලක්ව සිටි Mark Adair ද මෙම පුහුණු සංචිතය සදහා නම් කර ඇති බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය පැවසුවේ.

කෙසේ වෙතත්, ඉදිරියේ දී මෙම සංචිතය ක්‍රීඩකයින් 14 දෙනෙකු දක්වා අවම කරනු ඇති.

අයර්ලන්ත කණ්ඩායම එළඹෙන 26 වනදා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමගින් පුහුණු තරගයකට ද එක්වීමට  සැලසුම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 30 වනදා සවුත්හැම්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

අයර්ලන්ත පුහුණු සංචිතය සහ තරග කාලසටහන පහතින් –

Ireland training group :

Andrew Balbirnie (c), Paul Stirling (vice-captain), Mark Adair, Curtis Campher, Peter Chase, Gareth Delany, George Dockrell, Jonathan Garth, Tyrone Kane, Josh Little, Andrew McBrine, Barry McCarthy, James McCollum, Kevin O’Brien, William Porterfield, Boyd Rankin, Simi Singh, Harry Tector, Lorcan Tucker, Gary Wilson, Craig Young.

Ireland fixtures :

22 July – Practice match
26 July – vs England Lions (warm-up match)
30 July – vs England (1st ODI)
1 August – vs England (2nd ODI)
4 August – vs England (3rd ODI)

Leave a comment