Ultimate magazine theme for WordPress.

උප නායකත්වය චරිත්ට

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ උප නායකයා ලෙස මැද පෙල පිතිකරු චරිත් අසලංක තාවකාලිකව පත් කර තිබෙනවා.

නිත්‍ය උප නායක ලෙස කටයුතු කරන ධනංජය ද සිල්වා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියට ක්‍රීඩා නොකරන බැවිනුයි එම පත් කිරීම සිදු කර ඇත්තේ.

පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ධනංජය ද සිල්වා මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේ දී චරිත් අසලංක ලකුණු 71ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබුවා.

Leave a comment