Ultimate magazine theme for WordPress.

ඉන්දු – ශ්‍රී ලංකා සියලු තරග එක් ක්‍රීඩාංගනයකට – SLC

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග එක් ක්‍රීඩාංගනයකදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග සහ 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළේ.

එම කාලය වන විට පවතින තත්ත්වය අනුව එහි අවසන් තීරණය ගැනීමට සිදු වනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

වෙනත් ක්‍රීඩාංගන වෙතට සංචාරය කිරීමේ දී ජෛව ආරක්ෂිත බුබුලට ඇති විය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් සියලු තරග එක් ක්‍රීඩාංගනයකදී පැවැත්වීමට තීරණය කර ඇති බව සදහන්.

අප මීට පෙර ද වාර්තා කළ ආකාරයට ඉන්දීය ක්‍රීඩකයින් ජූලි 5 වනදා මෙරටට පැමිණීමෙන් පසුව දින 7ක කාලයක් ඔවුන් නිරෝධායනයට ලක් විය යුතු බවත්, එහි පළමු දින තුනේදී ක්‍රීඩකයින් ඔවුන්ගේ හෝටල් කාමර තුළම රැදී සිටිය යුතු බවත්, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණය කර සිටියා.

සිව්වැනි දිනයේ සිට ක්‍රීඩකයින්ට දැඩි සීමා යටතේ පුහුණුවීම් කටයුතු ආරම්භ කළ හැකියි.

කෙසේ වෙතත්, එම කාලය වන විට සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝදනයකට ලක් කළහොත් ඊට අනුගත වීමට ද සිදු වන බවයි මහාචාර්යවරයා සදහන් කර සිටියේ.

සියලු තරග ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට සිදු වන බව ද හෙතෙම අවධාරණය කළා.

එංගලන්තයට සහ බංග්ලාදේශයට එරෙහි තරගාවලි මෙරට දී සංවිධාන කිරීමේ දී ඊට අදාළ ජෛව ආරක්ෂිත බුබුලේ ආරක්ෂාව තර කර ගැනීම සදහා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සහයෝගය ද ලබා ගත්තා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඒ සදහා දැඩි සහයෝගයක් හිමි වූ අතර, වෛද්‍යවරුන් 10 දෙනෙකු පමණ ජෛව ආරක්ෂිත බුබුලේ අධීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදා තිබුණා.

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට ඉඩ ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ඒ, ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ට්‍රී ඇතුළු පුහුණු කාර්යය මණ්ඩලය ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට එක් වීමට නියමිතව ඇති බැවින්. ALSO READ : ශ්‍රී ලංකා සංචාරයට රාහුල් ඩ්‍රාවිඩ් එක්වන ලකුණු

එංගලන්ත ටෙස්ට් තරග සංචාරය නිසා විරාට් කෝලි, රෝහිට් ෂර්මා, රිෂාබ් පාන්ට්, කේ.එල්. රාහුල්, ජස්ප්‍රිට් බුම්රා සහ රවීන්ද්‍ර ජඩේජා වැනි ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකා තරගාවලිය සදහා එක් නොවනු ඇති.

ඒ අනුව ශිකර් දවාන්, සංජු සැම්සන්, ප්‍රිත්වි ෂෝ, සූර්යකුමාර් යාදෙව්, ඉෂාන් කිෂන්, හර්ඩික් පාන්ඩ්යා, රාහුල් තෙවාටියා, කෘනල් පාන්ඩ්යා, බුවනේෂ්වර් කුමාර්, ජයිදෙව් උනඩ්කට්, දීපක් චහාර්, නව්දීප් සයිනි, කලීල් අහ්මඩ්, යුස්වේන්ද්‍ර චහෙල්, රාහුල් චහාර්, කුල්දීප් යාදෙව්, වරුන් චක්‍රවර්තී වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචාරය සදහා එක්වීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

Leave a comment