Ultimate magazine theme for WordPress.

ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේ තරග තීරක හා විනිසුරුවන් ප්‍රකාශයට පත් කරේ

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට එක්දින හා 20යි 20 තරගාවලියන්හි විනිසුරුවන් හා තරග තීරක ලෙස කටයුතු කරන නිළධාරීන් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(13) නිවේදනය කළා.

ඒ අනුව සියලු තරතවලදී තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ රංජන් මඩුගල්ල මහතායි.

පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ද එක්දින හා 20යි 20 තරග 6 වෙනුවෙන් නම් කර තිබෙනවා.

කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල්, ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවන් ඊට ඇතුළත්

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරග 3 කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ජූලි 18, 20 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය ජූලි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Leave a comment