Ultimate magazine theme for WordPress.

ඉන්දීය ටෙස්ට් තරගාවලියට ඔලිවියර් කැදවයි ; දකුණු අප්‍රිකා සංචිතය මෙන්න

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණූ අප්‍රිකා සංචිතය අද(7) ප්‍රකාශයට පත් කෙරුණා.

ඩීන් එල්ගර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 21 දෙනෙකු නම් කර තිබෙනවා.

ඊට 2019 වසරේ දී අවසන් වරට දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ ඩුවාන් ඔලිවියර් ද නම් කර තිබීම විශේෂත්වයක්.

ඔහු කොල්පැක් ගිවිසුමක් අත්සන් කරමින් බ්‍රිතාන්‍යයේ දේශීය තරග සදහා එක් වූ නමුත්, මෙම වසරේ දී යළිත් ඔහු දකුණු අප්‍රිකාවට පැමිණියා.

Glenton Stuurman හා Prenelan Subrayen ද ටෙස්ට් සංචිතයට කැදවා ඇති අතර, Ryan Rickelton හා Sisanda Magala පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

නෙදර්ලන්තය සමග පැවැති එක්දින තරගාවලියේ දී විවේක ගැන් වූ ක්වෙන්ටන් ඩී කොක්, කාගිසෝ රබාඩා හා අන්රිච් නොකියා යළි ජාතික සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 26 වනදා සෙන්චූරියන්හී දී ආරම්භ වීමට නියමිතයි.

Squad:

Dean Elgar (captain), Temba Bavuma (vice-captain), Quinton de Kock (wicketkeeper), Kagiso Rabada, Sarel Erwee, Beuran Hendricks, George Linde, Keshav Maharaj, Lungi Ngidi, Aiden Markram, Wiaan Mulder, Anrich Nortje, Keegan Petersen, Rassie van der Dussen, Kyle Verreynne, Marco Jansen, Glenton Stuurman, Prenelan Subrayen, Sisanda Magala, Ryan Rickelton, Duanne Olivier.

Leave a comment