Ultimate magazine theme for WordPress.

ඉන්දීය ක්‍රීඩිකාවකටත් කොරෝනා – 20යි 20 තරගාවලියත් අහිමි වෙයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා මන්සි ජෝෂිට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව 27 හැවිරිදි ඇයට මෙවර අයි.පී.එල් තරගාවලියට සමගාමීව පැවැත්වීමට නියමිත කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලිය (Women’s T20 Challenge) සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් මේ වන විට මුම්බායි නුවරට පැමිණ සිටිය ද ඇය වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුම්බායි වෙත පැමිණ නැහැ.

මන්සි ජෝෂි වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති 26 හැවිරිදි මෙග්නා සිං Velocity කණ්ඩායමේ සංචිතය සදහා ආදේශ කරනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය අණාවරණය කළේ.

Women’s T20 Challenge තරගාවලිය නොවැම්බර් 4 වනදා සිට 9 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Leave a comment