Ultimate magazine theme for WordPress.

ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකුට අයි.පී.එල් තරග රැසක් අහිමි වන ලකුණු

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පිතිකරු රාජත් පටිදර්ට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග රැසක් අහිමි වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන් එලෙස ඔහුට අයි.පී.එල් තරගාවලියේ පළමු අර්ධය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව සදහන්.

ඔහු මේ වන විට බංගලූරුහි පිහිටි ජාතික ක්‍රිකට් ආකඩමියේ දී සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටිනවා.

පටිදර්ට ඉදිරි සති තුනක කාලයක් විවේක ගන්නා ලෙසට දැනුම් දී ඇති අතර, අනතුරුව සිදු කරන වෛද්‍ය පරීක්ෂණයකින් ඔහුගේ ආබාධය පිළිබද තක්සේරු කිරීමක් සිදු කර ගැටලුවක් නොමැතිනම් පමණක් ඔහුට අයි.පී.එල් තරගාවලියට සම්බන්ධ වීමට අවසර හිමි වනු ඇති.

මේ අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක මුකේෂ් චෞද්‍රිට ද මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්දේ ආබාධයක් මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින්. ඔහු ද මේ වන විට ජාතික ක්‍රිකට් ඇකඩමියේ රැදී සිටිනවා.

Leave a comment