Ultimate magazine theme for WordPress.

ඉන්දීය එක්දින සංචිතයට වෙනස්කම් දෙකක්

දකුණු අප්‍රිකාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට නව ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව ජයන්ට් යාදාව් හා නව්දීප් සයිනි සංචිතයට කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

අප ඊයේ දිනයේ දී වාර්තා කළ පරිදි වොෂින්ටන් සුන්දර්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් ඔහු වෙනුවට ජයන්ට් යාදාව් සංචිතයට නම් කළ බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මේ වන විට මොහොමඩ් සිරාජ් පාදයක ආබාධයකට ලක්ව ඇති බැවින් අවශ්‍ය වුවහොත් යොදා ගැනීමේ අපේක්ෂාවෙන් නව්දීප් සයිනි සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී යි මොහොමඩ් සිරාජ් ආබාධයකට ලක් වුණේ.

එක්දින තරගාවලිය එළඹෙන 19, 21 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

India’s ODI squad:

KL Rahul (C), Jasprit Bumrah (vc), Shikhar Dhawan, Ruturaj Gaikwad, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, Venkatesh Iyer, Rishabh Pant (wicket-keeper), Ishan Kishan (wicket-keeper), Yuzvendra Chahal, R Ashwin, Bhuvneshwar Kumar, Deepak Chahar, Prasidh Krishna, Shardul Thakur, Md. Siraj, Jayant Yadav, Navdeep Saini.

Leave a comment