Ultimate magazine theme for WordPress.

ඉන්දියාව 20යි 20 තරගාවලියේ ජය අමෙරිකාවේ දී තහවුරු කර ගනියි

Match Report

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 59 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

අමෙරිකාවේ ෆ්ලොරිඩා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායක නිකලස් පූරාන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 191 ක් ලබා ගත්තා.

රිෂාබ් පාන්ට් පන්දු 31 කින් ලකුණු 44 ක් රැස් කළ අතර, නායක රෝහිට් ෂර්මා ලකුණු 33(16) යි. සංජු සැම්සන් නොදැවී ලකුණු 30(23) ක් ද, සූර්යකුමාර් යාදව් ලකුණු 24(14) ක් ද ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඔබෙඩ් මැකෝයි හා අල්සාරි ජෝසප් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 132 ක් පමණයි.

නායක පූරාන් හා රොව්මන් පවෙල් ලකුණු 24 බැගින් රැස් කළ අතර, ශිම්රන් හෙට්මයර් ලකුණු 19 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 12 කට කඩුලු 3ක් දවා ගත්තා. අවේෂ් ඛාන්, අක්සාර් පටෙල් හා රවී බිෂ්නෝයි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව මේ වන විට ඉන්දියාව තරග 3-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින අතර, දෙරට අතර පැවැත්වෙන අවසන් 20යි 20 තරගය අද(7) මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ෆ්ලොරිඩාහී දී ම පැවැත්වීමට නියමිතයි.

Leave a comment