Ultimate magazine theme for WordPress.

ඉන්දියාව ශ්‍රී ලංකා සංචාරයට කැමැත්ත පල කරයි

ජූලි මාසයේ දී ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත වීම සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනය කැමැත්ත පල කර තිබෙනවා.

ඒ, නීරෝධායන ක්‍රමවේදයන්ට යටත්ව එක්දින තරග 3කින් සහ 20යි 20 තරග 3කින් යුත් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව සිදු කිරීම සදහා යෝජනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එරට ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපියට ප්‍රතිචාර වශයෙන්.

කෙසේ වෙතත්, ඒ සදහා ඉන්දීය රජයේ අනුමැතිය අවශ්‍ය බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ.

“සියල්ල තීරණය වන්නේ රට වසා දැමීමට ගෙන ඇති තීරණයට අදාළ සහ සංචරණ සීමාවන්ට අදාළව රජය විසින් නිකුත් කරන නියෝග මතයි. අපේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානමක් නොමැති නම් අපි සංචාරය (ශ්‍රී ලංකාවේ) කරන්න සූදානම්”

යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් සදහන් කළා.

මාර්තු 25 වනදා සිට සමස්ත ඉන්දියාවම වසා දැමීමට ගෙන තීරණයත් සමග එරට ක්‍රිකට් ක්‍රීඩකයින් ද දීර්ඝ කාලයකින් කිසිදු පුහුණුවීම් කටයුත්තක නිරත වී නැහැ.

රජය විසින් රට වසා දැමීමට අදාළ නීති ලිහිල් කරන තුරු පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට ද නොහැකි වනු ඇති.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හිමිකමට අදාළ ටෙන්ඩරය ද ගැටලුවකට පත්ව ඇත්තේ ඒ සදහා සැලකිය යුතු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්.

ඒ අනුව ඉන්දීය තරගාවලිය ඔස්සේ මාධ්‍ය හිමිකමට අදාළ ටෙන්ඩරයට වැඩි වටිනාකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසුවනවා.

ALSO READ : ස්ටාර් ස්පෝර්ට්ස් , ඩී ස්පෝර්ට් ශ්‍රී ලංකා ක්‍රිකට් මග හරියි – හේතුව මෙන්න

Leave a comment