Ultimate magazine theme for WordPress.

ඉන්දියාව ලකුණු 32ක් ඉදිරියෙන්

Day 5 Report

ඉන්දියාව සහ නවසීලන්තය අතර සවුත්හැම්ටන්හි පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ 5 වන දිනය අද(22) නිමා වුණේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමේ වැඩි සම්භාවිතාවක් පෙන්නුම් කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 64ක්. ෂුබ්මන් ගිල් ලකුණු 8කටත්, රෝහිට් ෂර්මා ලකුණු 30කටත් දැවී ගියා.

නොදැවී පන්දු පහර දෙමින් සිටින චෙටස්වර් පුජාරා ලකුණු 12ක් සහ විරාට් කෝලි ලකුණු 8ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිමේ දී මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 32ක්.

තරගය අද දිනට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 101ක් ලබා සිටියා. ඔවුන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249ක්.

ඩෙවෝන් කොන්වේ ලකුණු 54ක් රැස් කළ අතර, ටොම් ලේතම් ලකුණු 30යි. නායක කේන් විලියම්සන් ලකුණු 49කට දැවී යද්දී ටිම් සවුති ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි කඩුලු 4ක් දවා ගත් අතර, ඉෂාන්ට් ෂර්මා කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 217ක් පමණයි.

වර්ෂාව හේතුවෙන් පළමු දිනය සහ 4 වැනි දිනය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වූ බැවින් 6 වැනි දිනටත් (අතිරේක දිනය) හෙට(23) දිනයේ දී තරගය පැවැත්වීමට නියමිතයි.

6 වැනි දිනය අවසන් වන විට තරගය ජය පරාජයකින් තොරව නිමා වුවහොත්, නවසීලන්තය සහ ඉන්දියාව පළමු අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ සම ශූරයින් ලෙස ඉතිහාසගත වනු ඇති.

Leave a comment