Ultimate magazine theme for WordPress.

ඉන්දියාව යළි තරගයට අවතීර්ණ වෙයි

Day 1 Report

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය බදාදා (16) නිමා වුණේ කණ්ඩායම් දෙකටම සම ගෞරව හිමි කර දෙමින්.

දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත ක්‍රීඩිකාවන් කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 269ක්.

තේ පානය වන තුරු තරගයේ පාලනය එංගලන්තය සතු වුවත්, අනතුරුව ඉන්දියාව තරගයට අවතීර්ණ වුණේ එංගලන්ත ඉනිමේ මැද පෙල කඩුලු 4ක් ලකුණු 21ක් තුළ දවා ගනිමින්.

ශතකය ආසන්නයට පැමිණි නායිකා හෙදර් නයිට් ලකුණු 95කට දැවී ගිය අතර, Tammy Beaumont ලකුණු 66යි.

පන්දු යැවීමේ දී Sneh Rana කඩුලු 3ක් සහ Deepti Sharma කඩුලු 2ක් බිද හෙලුවා.

Leave a comment