Ultimate magazine theme for WordPress.

ඉන්දියාව පරදා ආසියාවට ලකුණු 9ක ජයක්

Match Report

Legends League Cricket Masters (LLC Masters) තරගාවලියේ පළමු තරගයෙන් India Maharajas කණ්ඩායම පරදා ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට Asia Lions කණ්ඩායම ඊයේ(10) රාත්‍රියේ සමත් වුණා.

කටාර් හි දෝහා නුවර West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් Asia Lions කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 165  ක් රැස් කළා.

උපුල් තරංග සමගින් ඉනිම ආරම්භ කළ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 5 කට දැවී ගියා. අස්ගර් ඇෆ්ඝන් එක් ලකුණයි. උපුල් තරංග ලකුණු 40 ක් ද, නායක ශහිඩ් අෆ්රිඩි ලකුණු 12 ක් ද ලබා ගත්තා. තිසර පෙරේරා නොදැවී ලකුණු 5 යි.

හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් සමගින් මිස්බා උල් හක් පන්දු 50 කින් වේගවත් ලකුණු 73 ක් වාර්තා කරමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ස්ටුවට් බිනී හා පර්වින්ද අවානා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ India Maharajas කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 156 ක් පමණයි.

රොබින් උතාපා ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය අතර, නායක ගෞතම් ගම්භීර් ලකුණු 54 ක් පන්දු 39 කින් වාර්තා කළා. ඒ, හතරේ පහර 7ක් ද සමගින්.

මුරලි විජයි ලකුණු 25 ක් ද, මොහමඩ් කයිෆ් ලකුණු 22 ක් ද, ඉර්ෆාන් පතාන් ලකුණු 19 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී සොහයිල් තන්වීර් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 27 ක් ලබා දෙමින්. තිසර පෙරේරා, ඉසුරු උදාන, තිලකරත්න ඩිල්ෂාන්, අබ්දුල් රසාක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Leave a comment